සාගරයේ යෝධයා වෙනුවෙන් ලක්ෂ ගණනක දැල කැපූ "මිනිසත්කමේ ධීවරයෝ"!
ගැඹුරු මුහුදේ රළ අතර තමන්ගේ ජීවිතයත් එක්ක සටන් කරන ධීවරයන්ගේ අතට පසුගිය සිකුරාදා දිනයක අමුතුම විදියේ "නිධානයක්" හසුවෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, කිලෝ 2000කටත් වඩා බර, අඩි 20කට ආසන්න උසකින් යුත්, මුහුදේ වෙසෙන අහිංසකම යෝධයා වෙන "මිනිමුතු මෝරෙක්" (Whale Shark)! කියවන්න සාමාන්යයෙන් මෙවැනි දැවැන්ත සතෙකු දැලක පැටලුණු විට බොහොමයක් දෙනා කල්පනා කරන්නේ ඌව ගොඩට ගෙනැවිත් ලක්ෂ ගණනකට මස් පිණිස විකුණා ගන්නේ කෙසේද යන්නයි. නැතහොත් තමන්ගේ වටිනා දැල බේරාගැනීමට සතාට හානි කිරීමටයි. නමුත් මේ නිර්භීත ධීවර තරුණයන් පිරිස තීරණය කළේ මුළු මහත් සමාජයටම ආදර්ශයක් දෙන අමුතුම කතාවක් ලියන්නයි! ධීවර රක්ෂාවේ යෙදෙන කෙනෙකුට තමන්ගේ දැල කියන්නේ තනිකරම තමන්ගේ ජීවනාලියයි. රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඒ දැල හිල් වුවහොත් හෝ කැඩී ගියහොත් ඉදිරි මාස ගණනාවක ආදායම අහිමි වී යනවා. නමුත් මේ තරුණයන් හමුවේ තිබුණේ තේරීම් දෙකකි: 1. තමන්ගේ ලක්ෂ ගණනක දැල බේරාගැනීම. 2. අසරණ වූ සාගර ජීවියාගේ පණ බේරාගැනීම. සම්පූර්ණ විස්තරය කිසිදු දෙගිඩියාවකින් ත...