අක්මාවේ තෙල් තැන්පත් වීම වේගවත්ද..? මෙන්න ඒ ගැන කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12ක්..
- Get link
- X
- Other Apps
ආහාර කන්න ලාංකිකයින් වෙන අපි කවුරුත් කැමතියි...ඉතින් එහෙම ආහාර ගත්තත්, ඒ නිසා ඇතිවෙන ලෙඩ රෝග ගැනත් ඔබ සැලකිලිමත්වීම වැදගත්..
ඔබත් මේ අවධානමෙක් පෙළෙන කෙනෙක්ද..? fatty liver කියන්නේ අද කාලේ බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙච්ච රෝගයක්.. මෙන්න ඒ ගැන කල්තියා දැනගන්න පුළුවන් ආකාර කිහිපයක්.. අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද්රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ්ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්. අක්මාවේ තෙල් තැන්පත් වීම fatty liver එහෙම නැත්නම් අක්මාවේ තෙල් කියන්නේ අද සාමාන්ය රෝගයක් බවට පත්වෙලා තියෙන තත්වයක්. සාමාන්යයෙන් අක්මාවේ තෙල් යම් ප්රමාණයක් තියෙනවා. නමුත් ඒ තිබිය යුතු තෙල් ප්රමාණය ඉක්මවා අක්මාවේ මේදය තැන්පත් වීම නම් රෝගී. තත්ත්වයක්. සාමාන්ය අවස්ථාවේ දී මේදය තැන්පත් වීම 5% ක් තරම් වුණාට රෝගී අවස්ථාවේදී එය 40% ක් දක්වා ඉහළ යනවා.සාමාන්ය පුද්ගලයෙකුගේ අක්මාවේ මේදය තිබිය යුත්තේ 30% කට වඩා අඩු ප්රමාණයක්. යම් විටෙක අක්මාවේ මේදය 30% ට ආසන්නව තියනවා නම් එය අනතුරු ඇඟවීමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. fatty liver රෝගය හේතු කරගෙන විවිධ රෝග අවස්ථාවන් ඇති වෙනවා. ඒ අතරින් සිරෝසිස් කියලා කියන්නේ එක් අවස්ථාවක්. මත්පැන් පානය නොකළ පුද්ගලයෙකුට සිරෝසිස් ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයට අක්මාවේ මේද තැන්පත් වීම හේතු කරගෙනයි. අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු වැරදි ආහාර රටාව (අධික මේදය සහ පිෂ්ඨය සහිත ආහාර අනුභවය ) අධික මත්පැන් භාවිතය ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝග ජානමය ගැටලු ශාරීරික අපද්රව්ය නිසි ලෙස ශරීරයෙන් බැහැර නොවී ශරීරය තුළ තැන්පත් වීම මානසික ආතතිය ආහාර පානවල කෘෂි රසායන වර්ග අඩංගු වීම පොල්තෙල් නොවන වෙනත් අසංතෘප්ත මේද කොටස් ස්ටෙරොයිඩ ආදී ඖෂධ දීර්ඝකාලීනව ලබා ගැනීම ජලය නිසි පරිදි පානය නොකිරීම කුසගින්නේ සිටීම ප්රමාණවත් තරම් ක්රියාශීලී නොවීම වේදනා නාශක නිතර භාවිතය මත්ද්රව්යවලටත් වඩා දරුණු බවක් මෙම වේදනා නාශකවල පවතිනවා.වේදනා නාශකවල අඩංගු ඇසිටමිනොෆින් රසායනිකය ඉතාමත් දරුණු ලෙස අක්මාවට හානි කරනවා.එම හානිය අවම කිරීමට අක්මාවේ මේදය තැන්පත් වෙනවා. පැය අටෙන් අටට ගත යුතු වේදනා නාශක අඩු කාලයක් තුළ නැවත නොගත යුතු වෙනවා. එයට හේතුව වේදනා නාශකවල ඇති ඇසිටමිනොෆින් අක්මාවට කරන හානිය නැවත සකස් කිරීමට පැය 6 ක් පමණ අවශ්ය වීමයි. පෝෂණ හා විටමින් ඌණතාවය අක්මාවේ තෙල් තැන්පත් වී ඇති විට පෙන්වන රෝග ලක්ෂණ
- Get link
- X
- Other Apps

Comments
Post a Comment