ඔබේ ගෙදර තියෙන ගෑස් සිලින්ඩර් එකේ අඩියේ මේ විදියට හිල් පේලියක් තියෙන්නේ ඇයි?
- Get link
- X
- Other Apps
ඔබේ ගෙදර තියෙන ගෑස් සිලින්ඩර් අඩියේ යකඩ වළල්ලේ හිල් පේලියක් තියෙනවා නේද ? අපේ ගෙදර ගෑස් සිලින්ඩර් එකෙන් එහෙමයි. ඇත්තටම ඇයි එහෙම කරලා තියෙන්නේ ? එකටත් අනිවාරයෙන්ම මොකක් හරි හේතුවක් ඇති කියලා මට හිතුනා.
ගෑස් සිලින්ඩරයක් කියන්නේ අතිශය ඝනකම් වානේ වලින් හදපු පීඩන බඳුනක් කිව්වොත් නිවැරදියි හැබැයි මේ පුංචි හිල් ටික නැති වුණා නම් තත්ත්වය හරිම භ. යානකයි කියලා මම දැනගත්තෙත් මේ ලඟදි. අපි කුස්සියේ තියාගෙන ඉන්නේ ඕනෑම වෙලාවක අන. තුරක් වෙන්න පුළුවන් දෙයක්.
නිකමට හිතන්න. ග්‍රෑම් එකක්වත් බර නැති වායු සාන්ද්‍රණයක් ඖනත් ඇති මුළු කුස්සියම ගිනිබත් කරන්න
ගොඩක් අයට හිතෙන්නේ මේක සිලින්ඩර් එකේ බර අඩු කරන්න කරපු මෝස්තරයක් කියලා. ඇත්තටම ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. මුලින්ම තේරුම් ගන්න ඕන සරල කාරණයක් තියෙනවා. සිලින්ඩරයක ඇත්තම පතුල පැතලි එකක් නෙවෙයි. ඒක ඇතුළට නෙරා ගිය රවුම් හැඩයක්. ඒ නිසා තමයි ඒක කෙළින් තියාගන්න යටින් ආධාරක වළල්ලක් පාස්සලා තියෙන්නේ. ඒකට කියන්නේ Foot Ring එක කියලා. කුස්සියේ බිම කියන්නේ නිතරම වතුර හැලෙන තැනක්. තෙතමනය හැමවෙලේම තියෙනවා. අපි බිම හෝදනවා. මොප් කරනවා. එහෙමත් නැත්තම් රෙදි කෑල්ලකින් පිහිදානවා. හිතන්න සිලින්ඩරේ යට තියෙන ඒ වළල්ලේ හිල් නැතුව වැහිලා තිබුණා කියලා.
හරියට කෝප්පයක් බිම මුනින්නැමුවා වගේ. යටට වතුර ගියොත් වාතය නැති නිසා එතනම හිරවෙලා තියෙනවා.
ඒ තෙතමනය නිසා මුලින්ම වෙන්නේ මලකඩ කන්න පටන් ගන්න එක. වානේ තට්ටුව ඇතුළෙන් දිරාපත් වෙනවා. අන්තිමට සිලින්ඩරයේ දුර්වලම තැන බවට පතුල පත්වෙනවා.ජාත්‍යන්තර ISO 4706 සහ ශ්‍රී ලංකා ප්‍රමිති (SLS 1178) නීතිවලින් මේ හිල් අනිවාර්ය කරලා තියෙන්නෙත් ඒකයි. ප්‍රධානම හේතුව තෙතමනය සහ මලකඩ පාලනය කිරීම.
හැබැයි මේකේ තවත් පැත්තක් තියෙනවා. මලකඩ කන එක විතරක් නෙවෙයි මෙතන තියෙන නියම භ. යානක කතාව. ඇත්තටම මට මේක මුලින් දැනගත්ත වෙලාවේ විශ්වාස කරන්නත් අමාරු වුණා. ගෑස් කාන්දුවක් වුණාම ඒක හැසිරෙන විදිහ ගැන මටත් තිබුණේ වැරදි අදහසක්.
අපි හැමෝම හිතන්නේ ගෑස් ලීක් වුණාම ඒක දුම වගේ උඩට යයි කියලා. ඊටපස්සේ ජනේලෙන් එළියට යයි කියලා අපි හිතනවා.හැබැයි LPG කියන්නේ සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි වායුවක්.ඇමරිකානු ජාතික ගිනි නිවීමේ සංගමයේ (NFPA 58) වාර්තාවල මේක ගැන පැහැදිලිවම කියලා තියෙනවා. ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායුව අපි හුස්ම ගන්න වාතයට වඩා එකහමාර ගුණයකින් විතර බරයි.
උඩ රෙගියුලේටරයෙන් හරි හෝස් එකෙන් හරි ගෑස් බිඳක් ලීක් වුණොත් ඒක උඩ යන්නේ නෑ. ඒක හරියට නොපෙනෙන සීතල වතුර පාරක් වගේ බිමට කඩාගෙන වැටෙනවා.
ඒ තෙතමනය නිසා මුලින්ම වෙන්නේ මලකඩ කන්න පටන් ගන්න එක. වානේ තට්ටුව ඇතුළෙන් දිරාපත් වෙනවා. අන්තිමට සිලින්ඩරයේ දුර්වලම තැන බවට පතුල පත්වෙනවා.
ජාත්‍යන්තර ISO 4706 සහ ශ්‍රී ලංකා ප්‍රමිති (SLS 1178) නීතිවලින් මේ හිල් අනිවාර්ය කරලා තියෙන්නෙත් ඒකයි. ප්‍රධානම හේතුව තෙතමනය සහ මලකඩ පාලනය කිරීම.
හැබැයි මේකේ තවත් පැත්තක් තියෙනවා. මලකඩ කන එක විතරක් නෙවෙයි මෙතන තියෙන නියම භ. යානක කතාව. ඇත්තටම මට මේක මුලින් දැනගත්ත වෙලාවේ විශ්වාස කරන්නත් අමාරු වුණා. ගෑස් කාන්දුවක් වුණාම ඒක හැසිරෙන විදිහ ගැන මටත් තිබුණේ වැරදි අදහසක්.
අපි හැමෝම හිතන්නේ ගෑස් ලීක් වුණාම ඒක දුම වගේ උඩට යයි කියලා. ඊටපස්සේ ජනේලෙන් එළියට යයි කියලා අපි හිතනවා. හැබැයි LPG කියන්නේ සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි වායුවක්. ඇමරිකානු ජාතික ගිනි නිවීමේ සංගමයේ (NFPA 58) වාර්තාවල මේක ගැන පැහැදිලිවම කියලා තියෙනවා. ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායුව අපි හුස්ම ගන්න වාතයට වඩා එකහමාර ගුණයකින් විතර බරයි.උඩ රෙගියුලේටරයෙන් හරි හෝස් එකෙන් හරි ගෑස් බිඳක් ලීක් වුණොත් ඒක උඩ යන්නේ නෑ. ඒක හරියට නොපෙනෙන සීතල වතුර පාරක් වගේ බිමට කඩාගෙන වැටෙනවා.
පහළම තැන් හොයාගෙන බිම දිගේ ගලාගෙන යනවා.දැන් අර සිලින්ඩරේ අඩිය මුද්‍රා කරලා තිබුණා නම් වෙන දේ හිතාගන්න පුළුවන්නේ. කාන්දු වෙන ගෑස් ටික බිම දිගේ ගලාගෙන යනවා. කෙලින්ම ගිහින් එකතු වෙන්නේ අර සිලින්ඩරේ යට තියෙන හිස් කුහරය ඇතුළට. අපිට ලොකු ගෑස් ගඳක් එන්න කලින්ම, සිලින්ඩරේ යට හිස් ඉඩේ අන. තුරුදායක විදිහට ගෑස් පිරෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවක ලයිටරයකින් විසිවෙන පොඩි ගිනි පුපුරක් පවා මහා විනා. ශයක් කරන්න ප්‍රමාණවත්.
සරලවම කිව්වොත් ඒ හිල් ටික ක්‍රියා කරන්නේ ජීවිත බේරන වාතාශ්‍ර කවුළුවක් වගේ.හිල් ටික තියෙන නිසා සිලින්ඩරේ යටින් නිතරම ස්වභාවික වාතය සංසරණය වෙනවා. පොඩි හරි ගෑස් කාන්දුවක් වුණත් එතන හිරවෙලා රැඳෙන්නේ නෑ. වාතයත් එක්ක ලේසියෙන්ම විසිරිලා යනවා. තව ප්‍රයෝජනයක් තියෙනවා. සිලින්ඩරේ යටින් වාතය යන එකෙන් රස්නේ පාලනය වෙනවා. රස්නේ පොළොවකින් සිලින්ඩරයට කෙළින්ම තාපය උරාගන්න එක වළකිනවා.
ඒ වගේම බරින් වැඩි සිලින්ඩර එහෙ මෙහෙ අදිනකොට ලොකු පහසුවක් ලැබෙනවා. ලොරිවලින් බානකොට කම්කරුවන්ට ඇඟිලි දාලා අල්ලගන්න පුළුවන් වෙන්නෙත් ඔය හිල්වලින් තමයි. හැබැයි ඒක අතුරු වාසියක් විතරයි.මම නිකමට කල්පනා කරලා බැලුවා. අපි හැමෝම පුදුම වෙන්නේ රොකට්, කෘතිම බුද්ධිය වගේ දැවැන්ත තාක්ෂණයන් දැකලා.
හැබැයි කුස්සියේ තියෙන මේ සරලම උපකරණය මිනිස්සුන්ව බේරගන්නේ කොච්චර සරල විද්යාවකින්ද?කිසිම සද්දයක් නෑ. කිසිම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් නෑ. අඩි වළල්ලක විදපු පුංචි හිල් කීපයක් අපේ පවුල් පිටින් අන. තුරුවලින් බේරගන්නවා.නිකමට හිතන්න. මහා ලොකු අන. තුරු වළක්වන්නේ අපි ගණන් ගන්නෙවත් නැති මේ වගේ පුංචි දේවල් නේද?
Credit goes to respective owners
- Get link
- X
- Other Apps

Comments
Post a Comment