හදිසියේ සමුගත් චූලා පත්මේන්ද්රන්ගේ මව ඇය ගැන මතකයට නැගුවේ මෙහෙමයි
- Get link
- X
- Other Apps
2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී,
එම තරගයේ ජයග්රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ තීන්දුව අද (14) ප්රකාශයට පත් කර කෙරුණා.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්රන් යන දෙදෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.
ඒ සැකකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන්.
මේ අතර, මේ වන විට අභාවප්රාප්තව සිටින චූලා පත්මේන්ද්රන් වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.
තවද , මෙම නඩුවේ තීන්දුව ප්රකශයට පත් කිරීමෙන් අනතුරුව , නඩුවට අදාළ ප්රර්ශවයන් මාධ්යට අදහස් දැක්වීමක් සිදුකළා.
මෙහිදී , චූලා පත්මේන්ද්රන් වෙනුවෙන් ඇයගේ මව දැක්වුයේ මෙවන් අදහසක්...
'' දුව, මේ සම්බන්ධව අවුරුදු පහක් තිස්සේ සෑහෙන දුක් වින්දා.. අද දවස වෙනකම් ගොඩාක් සන්තෝසෙන් බලාගෙන හිටියා. එය ළමයත් එක්කලත් ගොඩාක් කරදර මැද්දේ තමයි මේකට ආවේ. ඇයි මෙච්චර බොරු චෝදනාවක් කරන්නේ අම්මා කියලා හරියට දුක් වුණා.. මටත් ඉතින් හරී දුකයි මගේ දුව අද නැති එක ගැන , එයා හිටියා නම් සන්තෝෂ වෙනවා අද .. එයා එක්ක සතුටු වෙන්න ගොඩක් ය බලන් හිටියා අද ..,එයාලා බලාගෙන හිටියේ අද හම්බෙලා සමරන්න මේක.. ''
- Get link
- X
- Other Apps

Comments
Post a Comment