අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙලනින් වලින්. මෙම මෙලනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙලනින් නිපදවීමට ප්රධාන සංඝටක කිහිපයක් අවශ්ය වෙනවා. ඉන් ප්රධානම සංඝටකය තමයි කොපර් කියන්නේ.
කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් ක්රියාවලියක් සිදු කරනවා. අපගේ සියලුම පටක වල න්යාම්යශීලීත්වය පවත්වා ගන්නේ මෙම ඛනිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌනතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘද වස්තුවේ සිට පෙනහළු, මහා ප්රාචීරය සහ සියලුම දමනි වල න්යාම්යශීලීත්වයට මෙය බලපානවා.
කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් ක්රියාවලියක් සිදු කරනවා. අපගේ සියලුම පටක වල න්යාම්යශීලීත්වය පවත්වා ගන්නේ මෙම ඛනිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌනතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘද වස්තුවේ සිට පෙනහළු, මහා ප්රාචීරය සහ සියලුම දමනි වල න්යාම්යශීලීත්වයට මෙය බලපානවා.
එසේම හිමොග්ලොබින් නිපදවීමටත් මෙය බලපානවා. කොණ්ඩයේ කළු වර්ණයටද බලපාන්නේ මෙලනින් වර්ණකයයි. මෙලනින් නිපදවන්නට කොපර් අවශ්යම බව අපි පෙර සඳහන් කළා. දැන් හිතලා බලන්න අපගේ ශරීරයේ කොපර් ඌනතාවයක් ඇත්නම් හදවතට අවශ්යතාවය තිබියදී, දමනි වලට අවශ්යතාවය තිබියදී, හිමොග්ලොබින් නිපදවීමට තිබියදී, පෙනහළු, මහා ප්රාචීරය වැනි තැන් වල ක්රියාකාරීත්වය තිබියදී කොණ්ඩය කළු කරන්නට තිබෙන කොපර් ප්රමාණය භාවිතා කරාවිද? දැන් මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති කොණ්ඩය සුදු වෙන්නේ ඇයි කියලා.
මොන බෙහෙතක් බිව්වත් වැඩක් නැහැ කොපර් සහිත ආහාර ගන්නේ නැතිව. අපගේ සිරුර සෑම විටම පෝෂක කොටස් කළමනාකරණය කරනවා. වැදගත්ම තැනට තමයි අවශ්ය පෝෂක කොටස් සපයන්නේ. ඉතින් කොණ්ඩය කියන්නේ අනෙක් කොටස් ගත්තහම එතරම් වැදගත්කමක් නැති තැනක් ශරීරයට. ඒත් ඉතින් අපිට මේක වැදගත් වෙන තැනක් ඒකයි වෙලා තියෙන්නේ. ඩයි ගාලා හරි කළු කරගන්න බලනවා. කරන්න තියෙන්නේ පෝෂණය සහිත ආහාර ලබාගන්න එකයි. කොපර් සහිත හොඳම ආහාරයක් තමයි කළු තල. කළු තල අරගෙන සෝදලා වේලාගන්න. දැන් ටිකක් බැදගන්න.
මතක තියාගන්න බදින්න එපා. නැත්නම් ගුණ හානි වෙනවා. සුවඳ ටිකක් එන විට බාගන්න. දැන් බෝතලයක දමාගෙන දිනකට මේ හැඳි තුනක් විතර කන්න. මේ විදිහට මාස හයක් විතර කන්න ඕනේ ප්රතිඵලය දකින්න. හැබැයි ඔබට ටික ටික කොණ්ඩේ කළු වෙන බව තේරේවි. එපමණක් නොවෙයි. හුස්ම ගන්නට පහසුවක් දැනේවි. හතිය නැති වේවි. ධන හිස් වල එහෙම තිබෙන වේදනාව නැති වේවි. හිසේ කැක්කුම නැති වේවි. කළු තල කියන්නේ ඉතාමත් ගුණ කෑමක්.
Comments
Post a Comment