අඩි 3300 ක් උඩදී මුළු ලෝකයම හොල්මන් කළ අපේ ගුවන් නියමුවා
ලන්ඩන් ඉඳන් කොළඹ එන්න UL504 කියන ශ්රී ලංකන් යානය අඩි 33,000ක් උඩින් තුර්කිය උඩින් පියාසර කරමින් තිබුණේ. මගීන් සහ කාර්ය මණ්ඩලය 275 දෙනෙක් කිසිම බයක් නැතුව ඒ වෙලාවේ යානය ඇතුළේ හිටියා.
ලන්ඩන් ඉඳන් කොළඹ එන්න UL504 කියන ශ්රී ලංකන් යානය අඩි 33,000ක් උඩින් තුර්කිය උඩින් පියාසර කරමින් තිබුණේ. මගීන් සහ කාර්ය මණ්ඩලය 275 දෙනෙක් කිසිම බයක් නැතුව ඒ වෙලාවේ යානය ඇතුළේ හිටියා.
ඒත් එක්පාරටම තුර්කියේ අංකාරා ගුවන් පාලක මධ්යස්ථානයෙන් කොක්පිට් එකට එනවා නියෝගයක්!
වහාම යානය අඩි 35,000 දක්වා ඉහළට ගන්න!
සාමාන්යයෙන් ගුවන් පාලක මධ්යස්ථානයෙන් දෙන ඕඩර් එකක් කියන්නේ නියමුවෝ අන්ධයෝ වගේ පිළිපදින දෙයක්.
ඒත් අපේ ශ්රී ලංකන් යානයේ හිටපු කැප්ටන් නවීන් ද සිල්වා මහතා සහ එයාගේ ටීම් එක එකපාරටම තමන්ගේ රේඩාර් සහ TCAS සිස්ටම් එක පරීක්ෂා කරලා බැලුවා.
අන්න එතනදී තමයි ඇඟ කිලිපොලා යන දේ දැක්කේ!
අංකාරා එකෙන් නගින්න කියපු අඩි 35,000 සීමාවේ, බ්රිතාන්ය ගුවන් සේවයට අයත් යානයක් අධික වේගයෙන් පියාසර කරමින් තිබුණා!
බ්රිතාන්ය යානයේ ට්රාන්ස්පොන්ඩරයේ තිබ්බ තාක්ෂණික දෝෂයක් හින්දා අංකාරා පාලක මධ්යස්ථානයට ඒ යානය පෙනිලා තිබුණේ නැහැ.
අංකාරා එකෙන් දෙවෙනි පාරටත් සද්ද දාලා කියනවා ඉක්මනින් අඩි 35,000ට නගින්න! කියලා.
.ඒත් කැප්ටන් නවීන් ඒ ඕඩර් එක අහන්නේ නැතුව තමන්ගේ තීරණයේම හිටියා! එයා අංකාරා එකටම නැවත දැනුම් දෙමින් යානය අඩි 33,000 මට්ටමේම තියාගත්තා.
මිනිත්තු කිහිපයකට පස්සේ තමයි අංකාරා මධ්යස්ථානයට තමන් කරපු මා# රාන්තික වරද තේරුණේ! ඒගොල්ලෝ කලබලෙන් කිව්වා අනේ ඉහළට නගින්න එපා! කියලා
එදා අපේ නියමුවෝ අංකාරා එකෙන් දීපු ඕඩර් එක අන්ධ ලෙස පිළිපැද්දා නම් යානා දෙකම අහස මැදදී මූණට මූණ ගැටෙනවා!
යානා දෙකේම හිටපු 500කට අධික අහිංසක ජීවිත එක තත්පරයෙන් අළු වෙලා යනවා!
ගුවන් ක්ෂේත්රයේ Situational Awareness නැත්නම් වෙලාවට නිවැරදි තීරණ ගැනීම කියන්නේ මොකක්ද කියලා මුළු ලෝකයටම උගන්වපු අපේ ශ්රී ලාංකේය ගුවන් නියමුවන්ට සහ කාර්ය මණ්ඩලයට හිස නමා ආචාර කරමු!
Comments
Post a Comment