මේ කියන්න යන්නේ , අමුතුම විදිහේ කතාවක් , පසුගිය දිනක කාගේත් අවධානය දිනා ගත්තු අමුතුම විදිහේ කෙනෙක් ගැන තමයි මේ..
මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ කතරගම දේවාලය නියෝජනය කරමින් ගමන් කර සමාජ මාධ්ය තුළ දැඩි කතාබහට ලක් වූ ‘සුදුමැණිකේ’ හස්තියාගේ තවත් පුංචි කතාවක් මේක.
මේ හස්තියාගේ හිමිකාරීත්වය දරන්නේ 20 හැවිරිදි මීෂා මිරිහැල්ල තරුණිය සහ ඇගේ මව වන දර්ශනි මිරිහැල්ල බවට තමයි සඳහන් වෙන්නේ.
ඒ මීෂා ගේ තාත්තා බුද්ධික මිරිහැල්ල නැති වුණායින් පසුවලු.
පෙරහැර සමයේදී පොලිස් මුරපොළක් අසලට හස්තියා කැඳවාගෙන යාමේ අපූර්ව සිදුවීමත් සමඟ මෙම පවුල් ගැන සමාජ මාධ්යය තුල බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා.
මීට මාස කිහිපයකට පෙර අභාවප්රාප්ත වූ බුද්ධික මිරිහැල්ලගේ දරුවන් වන මීෂා සහ ඇගේ සොහොයුරියන් පවුලේ උරුමයක් ලෙස මෙම අලි ඇතුන් රැකබලා ගැනීම සහ සංස්කෘතික කටයුතු සඳහා යොමු කිරීමේ වගකීම භාරගෙන තියෙනවාලු .
.
ලංකාවේ ඉන්න උසම හස්තියා වන 18 හැවිරිදි සුදුමැණිකේ මෙන්ම, රටේ විශාලතම හස්තියා ලෙස සැලකෙන 58 හැවිරිදි ‘රාමා’ හස්තියා ද මේ පවුලට තමයි අයිති වෙන්නේ.
ඉතින් බලන්නකෝ , මේ ලාබාල තරුණිය කොහොමද මේ වගේ හස්තියන් බලා ගන්නේ කියලා..
මේ තමයි එයාලා මතකයට මුහුණු පොතට එක්කල අපූරු රූප සටහන්..
Comments
Post a Comment