තමන්ගේ අම්මා තාත්තා එක්ක ගෙදර යන්න ඕන පුංචි පැටවෙක්, රෝහල් ඇඳක් උඩ තනියම පවුලක් ලැබෙනකන් මඟබලන් ඉන්න අතිශය සංවේදී, හදවත රිදවන සැබෑ කතාවක්..
මාර්තු 10 වෙනිදා ඉක්වදෝරයේ (Ecuador) ගුවායාකිල් හිදී ලුසියානා (Luciana) කියන මේ පුංචි දියණිය උපත ලැබුවා. උපන් දිනට පසුදින එනම් මාර්තු 11 වෙනිදා, එයාගේ ආච්චියි සීයයි එයාව වෛද්ය ප්රතිකාර සඳහා "Francisco de Icaza Bustamante" ළමා රෝහලට ඇතුළත් කළා. හැබැයි ඊටපස්සේ උන් දෙන්නා ආයෙත් කවදාවත් එයාව බලන්න ආවේ නැහැ... . ජූලි මාසය අග වෙනකොට ලුසියානාට වයස මාස 4ක් සම්පූර්ණ වුණා. හැබැයි එයාගේ මුළු ජීවිත කාලයම ගෙවුණේ රෝහල ඇතුළේමයි. වාසනාවකට මෙන්, රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ආදරය නිසා එයා සෞඛ්ය සම්පන්නව, හොඳ සෞඛ්ය තත්ත්වයකින් පසුවන බව වෛද්යවරු පැවසුවා.

Comments
Post a Comment