ඇස්වහ කටවහ වාස්තු දෝෂ සහ ග්රහ අපල දුරු කරන දෙහි සහ මිරිස්
ඔයාගේ ජීවිතයේ කිසිම දියුණුවක් නැද්ද? පටන් ගන්න පටන් ගන්න දේ අසාර්ථක වෙනවද? ඒකට හේතුව ඔයාට තියෙන ඇස් වහ කට වහ වෙන්න පුළුවන්. මේ ඇස්වහ කටවහ නිසා ඔයාට අපල තියෙනවානම් ඒවා දෙගුණ වෙලා එන්න පුළුවන්. ඒ වගේම වාස්තු දෝෂ තියෙනවානම් දෙගුණ වෙලා එන්න පුළුවන්.
කොහොමහරි ඔයාට අපල තියෙනවා කියලා කිව්වොත් අපි මේ කියන ක්රම වලින් එකක් හරි මාසෙකට පාරක් කරන්න. ඒ වගේම අපල නැතත් මේ ක්රමයන් එකක් හරි මාස තුනකට පාරක්වත් කරන්න. මාස තුනකට පාරක්වත් කරන එක හැම අතින්ම හොඳයි.
අපේ පළමු ප්රතිකාරය සිකුරාදා දිනයකදී කළොත් වඩාත් හොඳයි. සිකුරාදා දිනයන් වලත් සවස 6:30න් පසු මේ දේවල් කළොත් ප්රතිඵල ඉතාමත් වැඩි කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම පුළුවන් නම් මේ ප්රතිකාරය කරන දවසට නිර්මාංශි වෙලා ඉන්න. එය ප්රතිඵල වැඩි කිරීම සඳහා හොඳ සාධකයක් වෙනවා. අනෙක් ගොඩාක් අය මේ ප්රතිකාරය කරන්නේ ගෙදර ඉස්සරහට වෙලා. ඒත් ඒක එතරම් සුබදායි දෙයක් නෙවෙයි.
ගේ ඇතුලට වෙලා හරි, වටපිටේ අයට නොපෙනෙන්න ගෙදර පිටිපස්සට වෙලා හරි මේ දේවල් කරන එක තමයි ඉතාමත් ප්රතිඵලදායක වෙන්නේ. දුම් කබලක් අරගෙන ඒකට පොල් කටු දෙකක් හෝ තුනක් දාලා පිච්චෙන්න තියන්න.
ඊට පස්සේ වේලිච්ච මිරිස් කරල් වගයක් ගන්න. හැබැයි මේවා කැඩිලා කැපිලා නැති හොඳ වේලිච්ච මිරිස් කරල් වෙන්න ඕනේ. මේ වේළුණු මිරිස් කරල් වල නැට්ට තියෙන්න ඕනේ වගේම පොඩ්ඩක්වත් පෙගිලා තියෙන්නත් හොඳ නැහැ. ඊට පස්සේ මේ මිරිස් කරල් ඔයාගේ ශරීරය වටා හත් වතාවක් කරකවන්න. ඒ වගේම ශරීරයේ සෑම අංගයක්ම ආවරණය වෙන පරිදි මේ දේ කරන්න අමතක කරන්න එපා.
හැබැයි හොඳට මතක තියාගන්න. කරකවන්න ඕනේ දකුණු අත පැත්තට. ඊට පස්සේ අර දුම් කබලට ගිහින් මේ වේළුණු මිරිස් කරල් දාන්න. හැබැයි ඊට පස්සේ ඒ පැත්තවත් බලන්න එපා. ඉක්මනින් හැරිලා එන්න. හැබැයි ඔය මිරිස් කරල් දෙක තුනෙන් පවුලේ ඔක්කොම අයව කවර් කරන්න හදන්න එපා. එක්කෙනෙකුට වේළුණු මිරිස් කරල් දෙකක් හෝ තුනක් ගානේ වගේ වෙන වෙනම ගන්න. මිරිස් කරල් වෙන වෙනම ගත්තත් මේවා එක දුම් කබලේ පිච්චුවට කමක් නැහැ.
ඊට පස්සේ මේවා පුච්චලා ඉවර වෙලා ඉතුරු වන අළු පහුවදා ඔයාගේ වත්තක් නොවන වෙනත් අයෙකුගේ වත්තක්වත් නොවෙන ගහක් මුලට වක් කරන්න. නිකන් පාරක අයිනේ තියෙන ගහක මුලකට වගේ.
ඔයාට හිතෙනවා නම් ඔයාගේ ගේ අවට අය ඔයාට ඉරිසියා කරනවා, ඒ අයගේ ඇස් වහ කට වහ වදිනවා කියලා. දෙහි ගහක් ඔයාගේ ගේ පිටිපස සිටුවලා බලන්න. ඔයාට දෝෂ සමනය කරගන්න ඒ මගිනුත් පුළුවන්.
සමාජ මාධ්ය ඇසුරෙන්
Comments
Post a Comment