ඔබත් වයස අවුරුදු 30 සපුරා ඇති කාන්තාවක්ද..? එහෙනම් මේ කතාව ඔයාට වැදගත් වේවි..
- Get link
- X
- Other Apps
කාන්තාවන් විදිහට ඔබ මේ ගැන දැනුවත් වෙන්නම ඕන.. බොහෝමයක් කාන්තාවන් තමන්ගේ රූපය ගැන හිතනවානම් , මේ ඇසෙන ආරංචිය ඔබටත් වැදගත් වේවි..
අවුරුදු 30 න් පස්සේ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග ගැන ඔබ දැනුවත්ද..?
පොදුවේ සෑම දෙනාටම අවශ්ය පෝෂ්යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්රී පුරුෂ භාවය අනුවත් සෞඛ්යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්යපදාර්ථ අවශ්ය වෙනවා. අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්ය වර්ධනයට අත්යාවශ්යම විටමින් වර්ග ගැන.
Vitamin B6මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි.
අඩංගු ස්වභාවික ආහාරනිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණ ලැබෙනවා.
Vitamin B12ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම් මෙම පෝෂ්යපදාර්ථය පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ.
අඩංගු ආහාරඉස්සන්, කකුළුවන්, කිරි ආශ්රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්යතාව සපුරාගත හැකියි.
Folateමූලික ගර්භනී අවස්ථාවේදී මොළයට සහ කශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි.
බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්යවල මෙය වැඩිපුර අඩංගුයි.
Vitamin D3අස්ථි, මස්පිඬු, සහ දත් සවිමත් කරයි. Osteoporosis සෑදීමේ අවධානම අවම කරයි. කුරුළෑ ඇතිවීම වළකයි. ඩිම්බ කෝෂ හා පියයුරැ පිළිකා ඇතිවීම හීන කරන අතර Autoimmune රෝග වලට ඇති ඉඩකඩ අසුරයි.
අඩංගු ආහාරමෝරතෙල්, බිම්මල්, බිත්තර කහමද, කිරි, චීස්, කිවි පලතුර මෙම පෝෂණ අවශ්යතාවය ඉටුකරදෙයි
කැල්සියම් (Calcium)PMS (ඔසප්වීමට ආසන්න සහලක්ෂණය) සහ රුධිර පීඩනය පාලනය කරයි. අස්ථි ශක්තිමත් වීම සදහා මෙන්ම හිසකෙස් , නියපොතු වල නීරෝගීමත් බවටද වැදගත් වේ.
අඩංගු ආහාරකිරි, ධාන්ය, බ්ලූ බෙරි, චීස්, ලීක්ස්, ආමන්ඩ්, අලිගැටපේර කැල්සියම් වලින් අනූන ආහාර වේ.
යකඩ (Iron)මොළයේ නිසි ක්රියාකාරීත්වයට, ශක්ති මට්ටම පවත්වාගෙන යාමට වගේම ලේ හිඟකම මැඩපවත්වන්න උපකාරී වේ.
අඩංගු ආහාර නිවිති, ධාන්ය, අල, කඩල, රටඉඳි සහ රටකජු මෙම පෝෂණ අවශ්යතාව සම්බූර්ණ කරන්න කදිමයි.මතක ඇතිව මෙම පෝෂණ අවශ්යතා බෙහෙත් පෙති ලෙස හෝ කෘතිම අතිරේක පෝෂණ සංඝටක ලෙස ශරීරයට එක් කර නොගෙන හැකිතාක් ස්බාවික ආහාරවලින්ම සපුරගන්න වගබලාගන්න.
අන්තර්ජාලය ඇසුරෙන්..- Get link
- X
- Other Apps

Comments
Post a Comment